Sunday, November 30, 2014

සුගතපාල ද සිල්වා


1928 අවුරුදදේ අගොස්තු 04 දා උපත ලද සුගතපාලද සිල්වා ගම්පොල ජිනරාජ විද්‍යාලයෙන්ද වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයෙන්ද කොළඹ කේම්බිජ් විද්‍යාලයෙන්ද අධ්‍යපනය ලැබුවෙකි. පාසලේ ජේෂ්ඨ අංශයේ දීම ප්‍රේමමායා නමින් නාට්‍යයක් ලියා අන්‍යයන්ට වඩා වෙනස්යමක් කිරීමට පුරුදු වූ විප්ලව වාදියෙකු ලෙසටත් අප අතර ප්‍රසාය දිනා ගත්තේය. 
සුගතපාල ද සිල්වා වන පෙරලිකාර නාට්‍යකරුවා තම ප්‍රථම නාට්‍ය නිර්මාණය 1958 සිට අවුරුදු 40 කාලයක් සිංහල නාට්‍ය කලාවේ මනා දස්කමි විස්කම් කල අපුරු පුද්ගලයෙකි. ඔහු කා සමගත් නිහතමානිව කතාබස් කරන පැවත්මෙන් පවා සැහැල්ලු මුහුකුරා ගියා අත්දැකීම් සමිභාරයකින් ලොව විනිවිද දක්නා නැණවතෙකි. ක්‍රියාවෙන් කථාවෙන් හා හැසිරීමෙන් පවා කලාකරුවෙකුගේ මහාභාව සමිපන්න ගුණයෙන් අප පසක් කර ගන්නා නිහතමාන සැහැල්ලු බව ඔහු තුලින්ම ප්‍රදර්ශනය කල කලාකරුවෙකි.

අද බොහෝ කලා කරුවන් නිර්මාන මගින් අපට ප්‍රකට කරනිනා වු උදාරත්වය නිහතමානිත්වය සැහැල්ලු බව ඔවුන් තුල ගෑව්වත් නැත. අද අප සමාජය මුහුන පා සිටින දැවන්ත ඛේදවාචකය වී ඇත්තේ ඵයමය. සමාජයේ භෞතික සංවර්දනයක් පෙනෙන්ට තිබුනත් මිනිසා තුල තිබිය යුතු මානසික සංවර්දනය අද සමාජය තුල දක්නට නැත. ඊට හේතු වී ඇත්තේ කලාකරුවන් හා අතින් ඵවැනි නිර්මාන බිහි නොවීම හා තරුන පරපුර ඵයින් ඇත් වීමයි. කලාකරුවන් තුල පවා උදාර චරිතාංග හා නිහතමානිත්වය නැතිනම් පෘථග්ජනයා තුල ඵවැන් ගුනාංග නොහැක. සුගතපාලද සිල්වා වැනි කලාකරුවන්ගේ ප්‍රශස්ත බව වැඩිවන්නේය. ඵ් නිසා ය. මනමේ සමග බිහිවු සම්ප්‍රදාය බදාගත් නාට්‍යකරුවෙන්ගේ මෙරට නාට්‍ය කලාවට සිදුවු විනාශය වලක්වා ගැනීමට සුගතපාල ගත් ප්‍රයත්නය බොඩිංකාරයෝ විය. සුගතපාලද සිල්වා බලාපොරොත්තු තැබිය හැකි නාට්‍ය කරුවෙකු ලෙස මතු වුයේ මෙහිදීය.

අපේ කටිටිය නැමති හිතවත් සංවිධානයක් මගින් නිෂ්පාදනය කල මෙම නාට්‍ය ඵකල මහත් ජනාදරයට පත් විය. සමකාලීන මධ්‍යම පාන්තික පුවත් ජනකතා ජාතක කතා ජනනාට්‍ය හෝ නාඩගම්  කල ශෛලියකින් කල නොහැකි බැව් තේරුම්ගත් වැයමක ප්‍රතිළුලයක් ලෙස නිෂ්පාදනය වුණ “බෝඩිංකාරයෝ‍්“ භද්‍ර යෞවනයේ විසු සුගතපාල ද සිල්වා ගේ නැවුමි සුවඳ හැමු මල් කැකුලක් විය. තාරුන්‍යය යමෙකු තුල ඇතිකරන්නේ පෙරලිකාර  අදහස් මිස මුහුකුරා ගිය දැනුමක් නොවේ. මිනිසුන් පරිනත බව ලබන්නේ වයසත් සමග ලබන අත්දැකිම් හා ප්‍රඥාවෙන් යුතු විශිෂ්ඨ ගනයේ කලාකරුවෙකු වුයේ 1972 දුන්න දුනුගමුවේ නාට්‍යය කිරීමෙනි 1986 මරාසාද් නාට්‍යය තුලින් ඔහු තවත් ඉහල ස්ථාරයකට පත්ව ඇත.
නිර්මාණ
නාට්‍ය                        වර්ෂය

ඵකවල්ලේ පොල්      1958

බෝඩිංකාරයෝ         1961

තටිටු ගෙවල්             1963

හරිම බඩු හයක්        1964

ඉතාලි ජාතික ලුයිප් පිරුඩොලේ ගේ රචකයෙකු සොයන චරිත හයක් නාට්‍යයේ පරිවර්තනකයක්

හෙලේ නැග්ග ඩොන් පුතා     1966

ඇමරිකානු ජාතික ටෙනිසි විලියමිගේ Caton hotfin

නිල් කටිරොල් මල්      1966

හිතහොඳ අමිමන්ඩි      1969

ජර්මන් ජාතික බර්ටොල් බ්‍රොෂ්ටිගේ good women of selsuran නාට්‍යෙය් පරිවර්තනයක්

දුන්න දුනුගමුවේ          1972

මුතු කුමාරි               1973

ඇසල සඳ                1975

නන්දි විහාලා              1978  

සත සහ සත                1980

දැවැද්දෝ                   1980

ඉංග්‍රිසි ජාතික ජී ඕඩන්ගේ සහ ක්‍රිස්ටෝපර් රෙන්ලේගේ නාට්‍යයක අනුවර්තනයක්

මර්සාද්                    1986

ජර්මන් ජාතික පීටර්  Jhsiafa Maratsade නාට්‍යෙය් පරිවර්තනයක්



  1. මුතු කුමාරි              1973
  2. ඇසල සඳ              1975
  3. නන්දි විහාලා          
  4. සත සහ සත             1980
  5. දැවැද්දෝ                1980
  6. මර්සාද්                    1986
  7. ඇසල සඳ අවන්හල 1981



ට්‍ය නිර්මාණ



  1. 1.ඵකවල්ලේ පොල්  
  2. 2.බෝඩිංකාරයෝ      1961
  3. 3.තටිටු ගෙවල්            1963
  4. 4.හරිම බඩු හයක්        1964
  5. 5.හෙලේ නැග්ග ඩොන් පුතා     1966
  6. 6.හිතහොඳ අමිමන්ඩි   1969
  7. 7.නිල් කටිරොල් මල්   1966
  8. 8.දුන්න දුනු ගමුවේ      1972
 සාහිත්‍ය පොතපත්

නවකතා
බිත්ති හතර
අසුර නිකාය
ඉක්බිති සියල්ලෝම සතුටින් ජිවත් වුහ
බල්ලෝ බත් කයි
ඵසේ වී නමි මිනිසුනේ අසවි
හිටලර් ඵල්ලා මරයි
පවර නිරිඳෙක් විය බඹදත්
පරිවර්තන
ඇට මැස්සා
හතර වැනි තටිටුව දෙයියමිපා සහතික ඇත්ත

නාට්‍ය (පොත්)

නිල් කටිරොල් මල්
තුරඟ සන්නිය
දුන්න දුනු ගමුවේ
මර්සාද්
ගොඩෝ උන්නැහේ ඵනකං (පරිවර්තනයක්)  

ශාස්ත්‍රිය 
සොඳුරු ආඥාදායකයා හෙවත්
නාට්‍ය නිෂ්පාදක
හඬ නළුවා හෙවත් ගුවන් විදුලි නාට්‍ය 
රසකතා
 අනු නවය
සයිබුනානා(තවත් අය සමග) 
කවි
අනේ දෙවිදත් නොදිටි මොක්පුර
 ටෙලිනාට්‍ය (පිටපත්)
ඉසුරු ගිර-නිෂ්පාදනය බර්ට්‍රමි නිහාල්
යුග විල්ක්කුව- නිෂ්පාදනය සුදත් රෝහණ 
සිනමා
චිත්‍රපට(පිටපත්)
සමනලයෝ(තිර නාටකය පමණි)
තුන් වැනි ඇහැ-අධ්‍යකෂණය අනුර චන්ද්‍රසිරි
බිත්ති හතර නවකතාව චිත්‍රපටයක් බවට පත්විය.
අධ්‍යකෂණය පරාක්‍රම සිල්වා විසිනි.

No comments:

Post a Comment